පසුගිය වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ 6% ක වර්ධනයක්...
- Jun 22
- 1 min read

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය ගැටුම් හේතුවෙන් ගෝලීය ආර්ථික අභියෝග මතු වී තිබුණද, මෙම වසරේ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය 2025 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 6ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (Export Development Board – EDB) පවසයි.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, මෙම වර්ධන ප්‍රවණතාව අනුව පසුගිය වසරේ වාර්තා කළ ආදායම් ඉලක්ක ඉක්මවා යාමේ ඉහළ හැකියාවක් පවතින බවයි.
පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම වාර්තා වී තිබූ අතර, එම පසුබිම තුළ වුවද මේ වසරේ අපනයන වර්ධනයක් පෙන්නුම් කිරීම විශේෂත්වයක් බවද ඔහු පෙන්වා දුන්නේය.
Source : News First
More updates to come on AusNewsLanka.






































Comments