top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

ජනාධිපති සහ සුරාබදු නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්....

  • admin928749
  • Dec 6, 2024
  • 1 min read

ree

සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමේදී විධිමත් යාන්ත්‍රණයක් අනුගමනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.


ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දී ඇත.


මෙම හමුවේදී නීත්‍යානුකූල නොවන ලෙස ක්‍රියා කිරීමට බලය අයුතු ලෙස භාවිත නොකිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළ අතර, නීතිය අඛණ්ඩව ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ අතර, නියමිත වේලාවට බදු අයකර ගැනීම සහතික කරන ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.


මෙම සාකච්ඡාවේදී සුරාබදු බදු අයකර ගැනීමේ අභියෝග සහ එම ක්‍රියාවලියේදී මතුවන අක්‍රමිකතා පිළිබඳව අවධානය යොමු කෙරිණි. කල් ඉකුත් වූ බදු එකතු කිරීම, අසාදුගත ලේඛනගත කර ඇති ආයතනවල බලපත්‍ර අවලංගු කිරීම සහ නිසි ලෙස බදු අය කිරීමට අපොහොසත් වන ආයතන වල බලපත්‍ර තහනම් කිරිම වැනි නව ක්‍රමවේද පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.


බදු අයකර ගැනීම සම්බන්ධයෙන් පවතින නීති රෙගුලාසිවල පවතින අඩුපාඩු පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී සාකච්ඡා කෙරිණි. බදු අයකර ගැනීමේ ක්‍රියාවලියේදී මතුවන ගැටලු මෙන්ම සුරාබදු නිලධාරීන් බඳවා ගැනීමේ ක්‍රමවේදයේ පවතින දුර්වලතා පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි.


සුරාබදු දෙපාර්තමේන්තුව පිළිබඳව මහජනතාව තුළ යහපත් ආකල්පයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටේ ආර්ථිකයට රුකුලක් වන අයුරින් එම ආයතන කළමනාකරණය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.


කෘත්‍රිම රා වලින් මහජනතාවට සිදුවන අයහපත් බලපෑම පෙන්වා දෙමින් නිෂ්පාදන සහ ඇසුරුම්කරණ ක්‍රියාවලියේ ඇති අභියෝග පිළිබඳව ද නිලධාරීන් ජනාධිපතිතුමා දැනුවත් කළහ.


සුරාබදු කොමසාරිස් රෝහණ සේනාරත්න, නියෝජ්‍ය කොමසාරිස් ආර්.වී.එස්. තිස්ස කුමාර, සහකාර කොමසාරිස් එම්.ජේ.ද සිල්වා, ප්‍රධාන මූල්‍ය නිලධාරිනී ජී.ඒ.චාන්දනී, ප්‍රධාන ගණකාධිකාරී ඩබ්ලිව්.ආර්.පරණගම යන මහත්වරු ඇතුළු සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page