top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

ජනපති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක්...

  • admin928749
  • Apr 9
  • 1 min read

ree

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.


ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) සමඟ ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානයේ සිව්වන වාරිකය හා සම්බන්ධ මූලික සමාලෝචනය මත සාකච්ඡා කේන්ද්‍රගත විය.


ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) අනුග්‍රහය ලබන වැඩසටහන යටතේ මෙතෙක් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සහ රටේ අනාගත ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය මීළඟ පියවර ප්‍රධාන අවධානය යොමු කළ ක්ෂේත්‍රවලට ඇතුළත් විය.


විශේෂයෙන් එක්සත් ජනපදය විසින් යෝජනා කරන ලද නව වෙළඳ තීරුබදු සහ ඒවා ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන්, නැගී එන ආර්ථික අභියෝග පිළිබඳව ද දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගත්හ.


ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) දූත පිරිසට නායකත්වය දුන්නේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සංජය පන්ත් මහතා වන අතර ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානීන් වන පීටර් බෲවර් මහතා සහ ඉවාන් පැපේජෝජියෝ මහතා ද ඇතුළත් විය.


ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන එක් විය.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page