දිවයිනේ සමහර ප්‍රදේශවල සවස් කාලයේ වැසි අපේක්ෂා කෙරේ...
- admin928749
- Mar 18
- 1 min read

අද (18) බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම අනාවැකියේ සඳහන් වේ.
නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.






































Comments