අධිවේගී මාර්ගවල කාඩ්පත් ගෙවීම් පරීක්ෂා කිරීමේ ව්‍යාපෘතියක්...
- admin928749
- Apr 11
- 1 min read

අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහා කාඩ්පත් ගනුදෙනු සඳහා පූර්ව පරීක්ෂණ ව්‍යාපෘතියක් මේ සතියේ ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම පූර්ව පරීක්ෂණ ව්‍යාපෘතිය කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරු මධ්‍යස්ථානවල ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් මෙන්ම QR කේත භාවිතා කරමින් ගෙවීම් සිදුකිරීමට හැකිවනු ඇත.
මෙම පූර්ව පරීක්ෂණ ව්‍යාපෘතියෙන් අනතුරුව මේ වසරේ මැයි මාසයේ සිට දිවයිනේ සියලුම අධිවේගී මාර්ගවල කාඩ්පත් ගෙවීම් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.






































Comments