අපනයන කර්මාන්තය ශක්තිමත් කිරීමට ජනපති මැදිහත් වෙයි...
- admin928749
- 1 day ago
- 1 min read

ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තය මුහුණ දෙන අභියෝග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ප්‍රධානීන් මෙන්ම මුදල් හා සැලසුම් අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම හමුවට එක්විය.
දේශීය නිෂ්පාදනය ශක්තිමත් කිරීම සහ අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා සංක්‍රමණය වීම සඳහා රජයේ උපායමාර්ගික ප්‍රවේශය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
අපනයන අංශයේ වත්මන් අභියෝගවලට මුහුණ දීම සහ ජය ගැනීම සඳහා දිගුකාලීන කාර්මික සංවර්ධන සැලැස්මක් සකස් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය.
අපනයන අංශය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය පියවර හඳුනා ගැනීම සහ අදාළ යෝජනා සහ සැලසුම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සාකච්ඡාවේ ප්‍රධාන ක්ෂේත්‍ර අතර විය.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්ම මහත්මීහු සාකච්ඡාවට සහභාගී වූහ.
Stay tuned with Aus News Lanka – the leading platform for news for Sri Lankans.
Comments