top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

ජනපති - විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක්...

  • admin928749
  • Mar 14
  • 1 min read

ree

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ (FUTA) සම්මේලනයේ විද්වතුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.


සාකච්ඡාවේ දී විද්වතුන් තමන් දැනට මුහුණ දී සිටින අභියෝග පිළිබඳව ජනාධිපතිතුමා වෙත කරුණු දැක්වූ අතර, එම ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ගත හැකි විසඳුම් පිළිබඳව ද සොයා බලන ලදී.


ශ්‍රී ලංකාව මේ වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙලෙහි නියැලී සිටින අතර, ඒ සඳහා රජය විසින් නිර්දේශිත මාර්ගෝපදේශ සහ ප්‍රමිතීන් පිළිපැදිය යුතු බව අවධාරණය කරන ලදී. ඒ අනුව අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දෙමින් ආදායම් සහ වියදම් සීමා කිරීම් කෙරෙහි අවධානය යොමු කරමින් මෙවර අයවැය යෝජනා සකස් කර ඇත. මෙම මූල්‍ය සීමාවන් මධ්‍යයේ වුවද රජය මෙතෙක් රාජ්‍ය අංශයේ සේවකයන්ගේ මූලික වැටුපේ මෙතෙක් සිදු කළ විශාලතම වැඩිවීමක් ක්‍රියාවට නංවා ඇති බව ද මෙහිදී අවධාරණය කෙරුණා.


සියලු වෘත්තීය කණ්ඩායම් මුහුණ දෙන අභියෝග පිළිබඳව රජය පූර්ණ අවබෝධයකින් සිටින බවත්, සියලු පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් සංවේදීව ඒවාට විසඳුම් ලබාදීමට කැපවී සිටින බවත් ජනාධිපතිතුමා සහතික විය.


අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න, ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත බී.ඉලංගසිංහ යන මහත්වරුන් ඇතුළු එම සංගමයේ නිලධාරීන් රැසක් ද මෙම හමුවට එක්ව සිටියහ.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page