top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

පොලිස් නිෂ්කාශන සහතික නිකුත් කිරීමේ පරිගණක පද්ධතිය යළි යථා තත්ත්වයට...

  • 5 hours ago
  • 1 min read

AusNewsLanka - News for Sri Lankans - Police Clearance Certificate Computer System Restored
This is a developing story brought to you by Aus News Lanka, your trusted source for news for Sri Lankans in Australia and beyond.

පොලිස් නිෂ්කාශන සහතික නිකුත් කිරීම සඳහා භාවිත කරන පරිගණකගත දත්ත පද්ධතියේ ඇති වූ තාවකාලික දෝෂය යථා තත්ත්වයට පත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ඒ අනුව, අයදුම්කරුවන්ට සාමාන්‍ය පරිදි මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.


පොලිස් මූලස්ථානය මගින් නිකුත් කෙරෙන පොලිස් නිෂ්කාශන සහතික සම්බන්ධ කටයුතු බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ 17 වැනි මහලේ පිහිටි නිෂ්කාශන අංශය මගින් සිදු කෙරේ.


පොලිස් නිෂ්කාශන සහතික සඳහා අයදුම්පත් භාරගැනීම, ඊට අදාළ වාර්තා ලබාගැනීම සහ සහතික මුද්‍රණය කිරීම පරිගණකගත දත්ත පද්ධතියක් ඔස්සේ සිදු කරනු ලබයි.


පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයකට අනුව, එම දත්ත පද්ධතිය 2026 අගෝස්තු 20 වැනිදා පස්වරු 12.50ට අක්‍රිය වී තිබේ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුවත් කිරීමෙන් අනතුරුව පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.


ඒ අනුව, පොලිස් නිෂ්කාශන සහතික සඳහා සාමාන්‍ය පරිදි මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.


කෙසේ වෙතත්, 2026 අගෝස්තු 20 වැනිදා පද්ධතියේ ඇති වූ දෝෂය හේතුවෙන් එදින අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කළ අයදුම්පත් නිෂ්කාශන දත්ත පද්ධතියෙන් ඉවත් වී තිබේ.


එබැවින්, 2026 අගෝස්තු 20 වැනිදා අයදුම්පත් ඉදිරිපත් කළ සියලු අයදුම්කරුවන්ට නව අයදුම්පතක් මාර්ගගතව ඉදිරිපත් කරන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඉල්ලා සිටී.


නව අයදුම්පත සම්බන්ධයෙන් අදාළ වාර්තා ලබාගැනීමෙන් අනතුරුව පොලිස් නිෂ්කාශන සහතිකය නිකුත් කරන බවද නිවේදනයේ සඳහන් වේ.


පෙර අයදුම්පත සඳහා ගෙවා ඇති රුපියල් 5,100ක ගාස්තුව, එම ගෙවීම සිදු කිරීම සඳහා අයදුම්කරු භාවිත කළ ක්‍රෙඩිට් කාඩ්පතට යළි බැර කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.


More updates to come on AusNewsLanka.


Source : Ada Derena News

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page