මේ වසරේ මේ දක්වා මෙරට සංචාරක පැමිණීම් 600,000 ඉක්මවයි...
- 4 days ago
- 1 min read

මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 600,000 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පැවසීය.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත නිවේදනයට අනුව, 2026 ජනවාරි 01 සිට මාර්තු 08 දක්වා කාලය තුළ සංචාරකයින් 604,301 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
මේ අතර, මාර්තු මාසයේ මුල් දින අට තුළ සංචාරකයින් 47,646 ක් මෙරටට පැමිණ ඇති බව SLTDA දත්ත පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, ඉන්දියාවෙන් සංචාරකයින් 11,345 ක් එනම් 24.0% ක් පැමිණ ඇත. තවද, පෙබරවාරි මාසයේ දී රුසියාවෙන් 4,388 ක්, එක්සත් රාජධානියෙන් 4,136 ක්, චීනයෙන් 4,032 ක් සහ ජර්මානු ජාතිකයින් 3,634 ක් ද ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
2025 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 229,298 ක් පැමිණ තිබේ.
Stay tuned with Aus News Lanka – the leading platform for news for Sri Lankans.






































Comments