වසරේ මේ දක්වා විදේශ රැකියා සඳහා පිටවීම් දෙලක්ෂය ඉක්මවයි...

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) අනුව, මෙම වසරේ පළමු මාස නවය තුළ ශ්‍රී ලාංකික විදේශ රැකියා අපේක්ෂකයින් 211,666 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
එම පිරිසෙන් 141,916 දෙනෙකු තමන්ගේම මාර්ග ඔස්සේ විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, 69,750 දෙනෙකු විදේශ රැකියා නියෝජිතායතන හරහා විදේශගත වී තිබේ.
විදේශගත වූ පිරිස අතර පිරිමි ශ්‍රමිකයින් 134,761 දෙනෙකු සහ කාන්තා ශ්‍රමිකයින් 76,905 දෙනෙකු සිටින අතර, ඉන් 108,343 දෙනෙකු නිපුණ වෘත්තිකයින් ලෙස වර්ගීකරණය කර තිබේ.
මෙම වසරේ මේ දක්වා මාසික වශයෙන් වැඩිම විදේශ රැකියා සඳහා පිටත්වීම් සංඛ්‍යාව සැප්තැම්බර් මාසයේදී වාර්තා වී ඇති අතර, එම මාසයේදී ශ්‍රමිකයින් 29,752 දෙනෙකු විදේශගත වී තිබේ.
මේ අතර, 2026 වසරේ පළමු මාස අට තුළ ශ්‍රී ලංකාවට විදේශගත ශ්‍රමිකයින්ගෙන් ලැබුණු ප්‍රේෂණ (Worker Remittances) ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 6,131ක් වූ බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.
More updates to come on AusNewsLanka.
Source : Newswire










































Comments