මධ්‍යසාර හා දුම්කොළ කර්මාන්ත නියාමනයට නව ප්‍රතිපත්ති...
- admin928749
- Mar 13
- 1 min read

මධ්‍යසාර සහ අනෙකුත් අනුමත මත් ද්‍රව්‍ය රට තුළ ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා කාර්යක්ෂම සහ ඵලදායී නියාමනය කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් පවත්වා තිබේ.
මධ්‍යසාර හා දුම්කොළ කර්මාන්ත නිසි ලෙස නියාමනය කිරීම තුළින් රාජ්‍ය ආදායම ඉහළ නැංවීම, නීත්‍යානුකූල ආදායම් උත්පාදනයට පහසුකම් සැලසීම, නීති රෙගුලාසිවලට අනුකූලව ක්‍රියාත්මක කිරීම, නීතිවිරෝධී මත්පැන්, අන්තරායකර මත්ද්‍රව්‍ය සහ මනෝ ක්‍රියාකාරී ද්‍රව්‍යවලට එරෙහිව දැඩි දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, නියාමනය නොකළ මධ්‍යසාර පරිභෝජනය හේතුවෙන් ඇති වන සෞඛ්‍ය අවදානම් වළක්වා ගැනීම සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම හමුවේදී සුරාබදු දෙපාර්තමේන්තුව මුහුණ දී සිටින වත්මන් අභියෝගවලට විසඳුම් සෙවීම සහ මෙම වසරේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම පිළිබඳව වැඩිදුරටත් අවධානය යොමු විය.
සාකච්ඡාවේ ප්‍රධාන කරුණක් වූයේ බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව සහ සාධාරණත්වය ඉහළ නැංවීම සඳහා දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධ කිරීමයි.
උපායමාර්ගික සහ මෙහෙයුම් කටයුතුවලදී ඵලදායී තීරණ ගැනීමේ සහ කළමනාකරණ යාන්ත්‍රණයක් තුළින් ආදායම් එකතු කිරීම සහ ආරක්ෂා කිරීම පිළිබඳව සාකච්ඡා කරන ලදී.
සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මානව සම්පත් සහ තාක්ෂණික සංවර්ධන සැලැස්මක් සැකසීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම රැස්වීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා යන මහත්වරුන් ඇතුළු සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.






































Comments