රියැදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතික නිකුත් කිරීමට නව ඩිජිටල් ක්‍රමයක්...

රියැදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය වන වෛද්‍ය සහතික නිකුත් කිරීම සඳහා නව ඩිජිටල් පද්ධතියක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.
මෙම නව පද්ධතිය හෙට සිට ක්‍රියාත්මක වන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා සඳහන් කළේය.
නව ක්‍රමවේදය යටතේ ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ වෛද්‍ය පරීක්ෂණ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට පුද්ගලයන්ට අවස්ථාව සැලසේ.
දිනය හා වේලාව වෙන්කර ගැනීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බවද සභාපතිවරයා සඳහන් කළේය.
මෙම පද්ධතිය ඔස්සේ ඉදිරියේදී වෙන්කර ගත හැකි වෛද්‍ය පරීක්ෂණ සඳහා වන වේලාවන් සංඛ්‍යාව වැඩි කිරීමටද පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.
More updates to come on AusNewsLanka.
Source : News First












































Comments