top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක් - ගුවන් ගමන් වලටත් බාධා!

  • admin928749
  • Nov 27, 2024
  • 2 min read

ree

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය අද ගිනිකොන දෙසින් මඩකලපුවේ සිට කිලෝමීටර් 170 ක් සහ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240 ක් පමණ ඔබ්බෙන් වයඹ දෙසට ගමන් කර ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඉතා ආසන්නව ගමන් කිරීමට ඉඩ ඇත.


උතුර, උතුරුමැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ස්ථාන කිහිපයක මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැක.


ඒ අතරම, කැළණි, නිල්වලා, මහවැළි, යාං, මල්වතු, දැදුරු සහ මහ ඔය ආශ්‍රිත ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක් ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.


උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී.40-50 පමණ තද සුළං බලාපොරොත්තු විය හැක.


නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට නොයන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දෙනවා.


දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු සිට ඉතා රළු වේ. මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මීටර් 2.5-3.0 පමණ උසැති රළ පහර වැඩි විය හැක.


දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමයි. සුළගේ වේගය පැ.කි.මී.40-50 ක් පමණ වන අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.60-70 දක්වා වැඩි විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ අපේක්ෂා කළ හැක.


තවද අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (BIA) ගොඩබෑමට නියමිතව තිබූ ගුවන් යානා 6ක් හරවා යවා තිබේ.


ගුවන් ගමන් තුනක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත යවන ලද අතර ඉතිරි ගුවන් ගමන් තුන ඉන්දියාවේ ත්‍රිවන්ද්‍රම් (තිරුවනන්තපුරම්) ගුවන් තොටුපළ වෙත යොමු කරන ලදී.


යාවත්කාලීන කරන ලද ගුවන් ගමන් කාලසටහන් සඳහා ගුවන් සමාගම් සමඟ පරීක්ෂා කරන ලෙස බලධාරීන් මගීන්ගෙන් ඉල්ලා ඇත.



ree

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page