top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
  • Facebook
  • Instagram
  • X
  • Youtube
Blue LOGO Landscape transparent.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg

ඉන්ධන මිලේ වෙනස් වීමක් ඉක්මණින් දකින්නට ලැබෙයිද?

Jun 18
1 min read

AusNewsLanka - News for Sri Lankans - Will Sri Lanka See a Fuel Price Change Anytime Soon?
This is a developing story brought to you by Aus News Lanka, your trusted source for news for Sri Lankans in Australia and beyond.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පහළ ගොස් තිබුණද, ඉහළ මිලකට මිලදී ගත් ඉන්ධන තොග තවමත් පරිභෝජනය කරමින් සිටින බැවින් මෙරට ඉන්ධන මිල ගණන් අඩු කිරීමේ හැකියාවක් දැනට නොමැති බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන්ධන මිල තීරණය කරනු ලබන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ වර්තමාන මිල මත නොව, දැනට පවතින ඉන්ධන තොග මිලදී ගත් පිරිවැය පදනම් කරගෙන බවයි.


“අඩු මිලකට මිලදී ගත් ඉන්ධන තොග අප වෙත තවමත් ලැබී නැහැ. ඉදිරි කාලය තුළ පරිභෝජනය කරනු ලබන්නේ ඉහළ මිලකට මිලදී ගත් ඉන්ධන තොගයි. එම නිසා ඉන්ධන මිල ගණන් වහාම අඩු කිරීම පිළිබඳව සලකා බැලිය නොහැකියි,” යනුවෙන් ඔහු පැවසීය.


කෙසේ වෙතත්, ඉහළ මිලකට මිලදී ගත් ඉන්ධන තොග අවසන් වූ පසු මිල සංශෝධනයක් සිදු කිරීම පිළිබඳව අවධානය යොමු කළ හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.


“අඩු මිලකට මිලදී ගත් ඉන්ධන තොග ඉදිරියේදී ලැබෙනු ඇති අතර, ඒ සඳහා යම් කාලයක් ගත වනු ඇත. එහෙත් ඉදිරියේදී ඉන්ධන මිල පහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.


එමෙන්ම, ඉහළ මිලට මිලදී ගත් ඉන්ධන තොග අවසන් වීමෙන් අනතුරුව සහ අනාගත ආනයන පිරිවැය මෙන්ම වෙළෙඳපොළ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ඉන්ධන මිල ගණන් නැවත සමාලෝචනය කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.


Source : Newswire

More updates to come on AusNewsLanka.

 
 
 

Comments


Must Read
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Avertise with us Banner.jpg
Global Creatives Banner.jpg
Aus lanka tickets Banner.jpg
Blue LOGO Landscape transparent.png

Aus News Lanka is your trusted source for the latest news, updates, and stories from Australia and Sri Lanka.
Stay informed with breaking news, business insights, community updates, and more.

© 2026 Aus News Lanka | All Rights Reserved.

  • Instagram
  • Facebook
  • X
  • LinkedIn
  • Youtube
  • TikTok
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png
bottom of page