විදේශ ගමන් බලපත්‍ර සියල්ල මාසයක් තුළ ?
- admin928749
- Feb 25
- 1 min read

දසවන පාර්ලිමේන්තුවේ මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශන කාරක සභාවේ පළමු රැස්වීමේදී මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ නිකුත් කිරීමට නියමිත ඉතිරි විදේශ ගමන් බලපත්‍ර සියල්ල මාසයක් ඇතුළත නිකුත් කරන බවයි.
පැය 24 පුරා ක්‍රියාත්මක විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවක් ආරම්භ කර ඇති බවත්, අවශ්‍ය මුද්‍රණ උපකරණ ලබා ගත් පසු යාපනයේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලයක් ආරම්භ කරන බවත්, ප්‍රාදේශීය සභා කාර්යාලවලින් නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව දෙගුණ කරන බවත් ඔහු තහවුරු කළේය.






































Comments