Digital Nomad වීසා පහසුකම යටතේ පළමු විදෙස් ජාතිකයා ලංකාවට...
- Feb 27
- 2 min read

Digital Nomad Visa (DNV) පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම ඊයේ (26) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළහි “සිල්ක් රූට්” මගී පර්යන්තයේදී සිදු කෙරුණි. එම උත්සවය ඉංජිනේරු එරංග වීරරත්න – ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම Digital Nomad Visa පහසුකම, ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිමින් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ විදේශ රටවල ව්‍යාපාර හෝ රැකියා කටයුතු වල නිරත වෙමින්, මසකට ඇමෙරිකානු ඩොලර් 2,000ක මුදලක් විදේශ විනිමය ලෙස මෙරටට රැගෙන එන වයස අවුරුදු 18 ඉක්මවූ විදේශිකයින් සඳහා ලබා දෙනු ලබයි.
මෙම වීසා පහසුකම යටතේ ශ්‍රී ලංකාව තුළ රැකියා හෝ වෙනත් ව්‍යාපාරික කටයුතු වල නිරත වීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, දරුවන් සමඟ පැමිණෙන විදේශිකයින්ට ඔවුන්ගේ දරුවන් මෙරට ජාත්‍යන්තර හෝ පෞද්ගලික පාසල් වෙත යොමු කිරීමට අවස්ථාව ලබා දී ඇත.
අදාළ විදේශිකයින් විසින් තම මව් රටවලින් ලබා ගන්නා පොලිස් සහතික, වෛද්‍ය වාර්තා ඇතුළු ලේඛන, ආරක්ෂක අමාත්‍යාංශය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සම්පූර්ණ ඇගයීමකට ලක් කිරීමෙන් අනතුරුව, වසරක කාලයක් සඳහා මෙම Digital Nomad Visa නිකුත් කෙරේ.
එමෙන්ම, අදාළ විදේශිකයින්ගේ බැංකු ගිණුම් හා ආදායම් බදු ගෙවීම් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සංචාරක අමාත්‍යාංශය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිරන්තර අධීක්ෂණ සිදු කරනු ලබන බව ද සඳහන් කෙරිණි.
මෙම Digital Nomad Visa පහසුකම හිමි වූ පළමු විදේශිකයින් ලෙස යූක්‍රේන ජාතික ඩාර්යා ගෝර්ඩියෙන්කෝ මහත්මිය සහ ඇයගේ සැමියා වන යාරොස්ලාව් කොවෙල්චුක් මහතා නම් කර ඇත.
ඔවුන් වෙත Digital Nomad Visa බලපත්‍ර පිරිනැමීමේ උත්සවයට, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා පාලක නයනා සේනාරත්න ඇතුළු නිලධාරී පිරිසක් එක්ව සිටියහ.
මෙම Digital Nomad Visa කාණ්ඩය පිළිබඳ වැඩිදුර තොරතුරු සහ අයදුම්පත්, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.immigration.gov.lk
වෙත පිවිසීමෙන් ලබා ගත හැකි බව ද ප්‍රකාශ කර ඇත.
Stay tuned with Aus News Lanka – the leading platform for news for Sri Lankans.








































Formalising a Digital Nomad Visa signals an attempt to capture mobile human capital and foreign income streams without permanent migration commitments. When https://www.hyperion-wines.co.nz The Pokies appears in unrelated economic debates it reflects narrative spillover, whereas the policy’s impact will hinge on tax clarity, infrastructure readiness, and integration with local labor markets.