top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

Crypto මුදල්, ආදායම් බදු වලට යටත්: රජය

  • Jul 10
  • 2 min read

AusNewsLanka - News for Sri Lankans - Crypto Not Legal Tender but Income Tax Compulsory: Govt
This is a developing story brought to you by Aus News Lanka, your trusted source for news for Sri Lankans in Australia and beyond.

ශ්‍රී ලංකාවේ ක්‍රිප්ටෝ මුදල් (Crypto currencies) නීත්‍යානුකූල ගෙවීම් මාධ්‍යයක් ලෙස පිළිගෙන නොමැති වුවද, ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්වලින් උපයන ආදායම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් "වෙනත් ආදායම්" ලෙස සලකා බදු අය කිරීමට යටත් වන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත අනුව ශ්‍රී ලංකාවේ එකම නීත්‍යානුකූල මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල වන අතර, ක්‍රිප්ටෝ මුදල් ඇතුළු අතථ්‍ය හෝ ඩිජිටල් වත්කම් කිසිවක් ගෙවීම් මාධ්‍යයක් ලෙස පිළිගෙන නොමැති බවයි.


එමෙන්ම, ක්‍රිප්ටෝ වත්කම් ශ්‍රී ලංකාව තුළ වත්කම් පන්තියක් හෝ මූල්‍ය උපකරණයක් ලෙස නියාමනය නොකරන බවද ඔහු පැවසීය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිසිදු ක්‍රිප්ටෝ මුදල් වෙළෙඳ වේදිකාවක්, ඩිජිටල් වත්කම් හුවමාරු මධ්‍යස්ථානයක්, ක්‍රිප්ටෝ පතල්කරණ මෙහෙයුමක් හෝ ඒ ආශ්‍රිත සේවා සපයන්නෙකුට මෙරට ක්‍රියාත්මක වීම සඳහා බලපත්‍රයක් හෝ අවසරයක් ලබා දී නොමැති බවද හෙතෙම සඳහන් කළේය.


නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ක්‍රිප්ටෝ මුදල් වෙළෙඳාම් කටයුතු මෙරට නියාමනය වන මූල්‍ය පද්ධතිය හරහා විධිමත් කර හෝ සහාය දක්වා නොමැති බවයි. ඩිජිටල් වත්කම් සම්බන්ධ වේදිකා කිසිදු දේශීය නියාමන ආයතනයක් විසින් බලපත්‍රලාභී හෝ අධීක්ෂණයට ලක් නොවන බැවින්, එවැනි ගනුදෙනුවල නිරත වන පුද්ගලයන් සිය අවදානම මත එම කටයුතු සිදු කරන බවද ඔහු අවධාරණය කළේය.


2018 වසරේ සිටම ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල මුදල් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට නැවත නැවතත් දැනුම් දී ඇති බවද අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.


එමෙන්ම, දැනට පවතින නියාමන රාමුව යටතේ ක්‍රිප්ටෝ හෝ අතථ්‍ය වත්කම් ආයෝජන සඳහා නීත්‍යානුකූල පිළිගැනීමක් නොමැති බවද ඔහු තහවුරු කළේය.


තවද, ශ්‍රී ලංකාවේ පදිංචි කාඩ්පත් හිමියන්ට අතථ්‍ය මුදල් ගනුදෙනු සඳහා විදේශ විනිමය ගෙවීම් සිදු කිරීම තහනම් කර ඇති බවද ඔහු පැවසීය.


වර්තමාන නියාමන රාමුව යටතේ ශ්‍රී ලංකාවේ විධිමත් මූල්‍ය පද්ධතිය ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ ගනුදෙනු සඳහා භාවිත කළ නොහැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.


Source : Ada Derena News

More updates to come on AusNewsLanka.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page