top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

චීන වාණිජ අමාත්‍යවරයා ජනපති හමුවෙයි...

  • admin928749
  • May 30
  • 2 min read

AusNewsLanka - News for Sri Lankans - Chinese Minister of Commerce meets with the President.
At AusNewsLanka, we aim to keep the Sri Lankan community informed with timely updates.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින චීන මහජන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.


ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය සහ ජනාධිපති දිසානායක මහතාගේ පරිපාලනය විසින් අනුගමනය කරනු ලබන පැහැදිලි ප්‍රතිපත්තිමය දිශාව සැලකිල්ලට ගනිමින්, රට තුළ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන චීන ආයෝජකයින්ගේ උනන්දුව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව අමාත්‍ය වැන්ග් මහතා සඳහන් කළේය.


චීන ආයෝජකයින් 100 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලද මෙම සංචාරය දෙරට අතර ආර්ථික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා දැඩි කැපවීමක් පෙන්නුම් කරන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.


මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළඳ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡාවේදී අවධානය යොමු විය. ගෝලීය ආර්ථික අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබා දීමට චීනය කැපවී සිටින බව චීන වාණිජ අමාත්‍යවරයා නැවත අවධාරණය කළේය.


අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතාගේ සංචාරයේ ප්‍රධාන අරමුණක් වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මෑත කාලීන චීන සංචාරයේදී ඇති කරගත් ගිවිසුම් පිළිබඳ පසු විපරමක් කිරීමයි.


චීන රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති කාලෝචිත ලෙස නිම කිරීම මෙන්ම යෝජිත නව මුලපිරීම් කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය සාකච්ඡා කළ බව එම ප්‍රකාශයේ සඳහන් විය.


චීන දූත පිරිසට ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං, ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වැන්ග් ලිපින් සහ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂු ජුටිං මහත්මිය ඇතුළත් වූහ.


ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


Visit the Aus News Lanka homepage for more updates.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page