top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
  • Facebook
  • Instagram
  • X
  • Youtube
Blue LOGO Landscape transparent.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg

බණ්ඩාරනායක ගුවන්තොටුපළ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්...

Jun 15
2 min read

AusNewsLanka - News for Sri Lankans - BIA Terminal 2 Construction Set to Resume in November
This is a developing story brought to you by Aus News Lanka, your trusted source for news for Sri Lankans in Australia and beyond.

ආර්ථික අර්බුදය හේතුවෙන් නතර කර තිබූ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ නොවැම්බර් මාසයේදී නැවත ආරම්භ කිරීමට නියමිතය.


නිවේදනයක් නිකුත් කරමින් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කළ දින සිට මාස 30ක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.


වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉසොමාටා අකියෝ අතර පැවති විශේෂ හමුවකදී මෙම කරුණ සාකච්ඡා කෙරිණි. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) නියෝජිත පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ.


සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ ව්‍යාපෘතියට අදාළ ණය මුදල සහ කොන්ත්‍රාත් වටිනාකම අනුමත කිරීම කඩිනම් කිරීමයි. මෙම පියවරයන් අවසන් වූ පසු, ඉදිකිරීම් කටයුතු නොවැම්බර් මාසයේදී නැවත ආරම්භ කළ හැකි බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.


දෙවන පර්යන්තයේ ඉදිකිරීම් මුලින් ආරම්භ වූයේ 2020 දෙසැම්බර් මාසයේදීය. ව්‍යාපෘතිය සඳහා ජපාන රජය යෙන් බිලියන 75 ක ණය පහසුකමක් ලබා දුන්නේය.


කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන්, 2022 අප්‍රේල් මාසයේදී ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවන ලදී.


ව්‍යාපෘතිය සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය 2024 අගභාගයේදී නැවත ආරම්භ කරන ලද අතර, 2025 දී ලංසු තැබීම අවසන් කරන ලදී. අදාළ කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය දැනට අවසන් අදියරේ පවතින බව එහි සඳහන් වේ.


තවද, ශ්‍රී ලංකා රජය, ජපාන රජය සහ JICA අතර සාකච්ඡා වට කිහිපයකින් පසුව, වත්මන් රජය කෙරෙහි ඇති විශ්වාසය මත පදනම්ව, ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ණය පහසුකම් ලබා දීමට ජපන් පාර්ශවය එකඟතාව පළ කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.


අවශ්‍ය ණය මුදල සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය සමඟ කඩිනම් සාකච්ඡා පැවැත්වීමට ද අමාත්‍යවරයා එකඟ විය.


රැස්වීම අතරතුර, ණය මුදල අවසන් කිරීම සහ ණය ගිවිසුම අත්සන් කිරීම පළමු පියවර විය යුතු බවත්, සාකච්ඡා කළ මිල මත පදනම්ව කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පසුව සිදු කළ යුතු බවත් JICA නියෝජිත පිරිස යෝජනා කළහ.


Source : Derena News

More updates to come on AusNewsLanka.

 
 
 

Comments


Must Read
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Avertise with us Banner.jpg
Global Creatives Banner.jpg
Aus lanka tickets Banner.jpg
Blue LOGO Landscape transparent.png

Aus News Lanka is your trusted source for the latest news, updates, and stories from Australia and Sri Lanka.
Stay informed with breaking news, business insights, community updates, and more.

© 2026 Aus News Lanka | All Rights Reserved.

  • Instagram
  • Facebook
  • X
  • LinkedIn
  • Youtube
  • TikTok
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png
bottom of page